Skip to content

Follow us!

Trusted By 6,40,000+ Customers Worldwide

Free Shipping & COD Available

Scientifically formulated & clinically tested

Get in touch with us

Asthijeewa Ayurvedic Oil for Joint & Muscle Care | Ayurveda

Asthijeewa Ayurvedic Oil for Joint & Muscle Care | Ayurveda

“ආරෝග්ය පරම ලාභය” – නිරෝගීකම උතුම්ම ලාභයයි.

අවුරුද්දෙන් අවුරුද්දට, මාසයෙන් මාසයට, දවසින් දවසට, පැයෙන් පැයට, මිනිත්තුවෙන් මිනිත්තුවට අපි වයසට යමින් සිටිමු.

වයසට යාමත් සමඟ සිදුවන ශාරීරික හා මානසික වෙනස්කම් ස්වභාවික දෙයකි. නමුත් තරුණ වියේදී වුවද, මැදි වියේදී වුවද ඕනෑම අවස්ථාවක අපට මුහුණ දීමට සිදුවිය හැකි විශාලම අභියෝගයක් වන්නේ අසනීප වීමයි.

අපි අසනීප වුණොත් කවුද අපව බලාගන්නේද?

අපේ ආදරණීයයන්ට අප නිසා දුක් විඳීමට හෝ කරදර වීමට සිදුවේද?

මෙවැනි සිතුවිලි අපට බියක් ඇති කළ හැකියි.

කොතරම් සැලකිලිමත් වුවත්, ජීවිතයේ සියලුම අසනීප සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකි බවක් නැහැ. උපන් දවසේ සිට ජීවිතයේ අවසානය දක්වා අපි වයසට යන අතර, විවිධ ශාරීරික වෙනස්කම් හා ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ.

නමුත් ඒ ගැන සිතමින් දුක් වීම වෙනුවට, අද අපට කළ හැකි හොඳම දෙය වන්නේ අපගේ ශරීර සෞඛ්යය හැකිතාක් හොඳින් රැකගැනීමයි.

සෞඛ්යය රැකගැනීමට අද සිටම පුරුදු කිහිපයක්

නිවැරදි ඉරියව් අනුගමනය කිරීම,

පෝෂ්යදායී ආහාර රටාවක් පවත්වා ගැනීම

සහ හැකිතාක් ශාරීරිකව ක්රියාශීලීව සිටීම අපගේ දෛනික ජීවිතයට එක්කරගත හැකි හොඳ පුරුදු කිහිපයකි.

ව්යායාම කිරීමට අපහසු අවස්ථාවකදී වුවද, හැකිතාක් ඇවිදීම වැනි සරල ක්රියාකාරකම් දෛනික ජීවිතයට එක් කරගත හැකියි.

ඒ වගේම, ආයුර්වේදයේ පාරම්පරික සත්කාර ක්රම අතරින් ශරීරයට සුදුසු ආයුර්වේද සම්බාහන සත්කාරයක් ද ඔබගේ ස්වයං රැකවරණයට එක්කරගත හැකියි.

අතපය, කොන්ද සහ සන්ධි වේදනාව…

අපි වැඩි වශයෙන් බිය වන ශාරීරික අපහසුතා අතරින් එකක් වන්නේ අතපය, කොන්ද, මාංශ පේශී සහ සන්ධි ආශ්රිත වේදනාවයි.

උදෑසන ක්රියාශීලීව අවදි වී දවස පුරා වැඩකටයුතු සිදුකරන අපට, යම් දිනක සුළු වේදනාවක් නිසා පවා සාමාන්ය කටයුතු කරගැනීමට අපහසු විය හැකියි.

ගෙදර වැඩ කටයුතු කරමින්, මිදුල පිරිසිදු කරමින්, ඇඳුම් සෝදමින්, පවුලේ අයට ආහාර පිළියෙළ කරමින් ජීවත් වන අපට, එක් දිනක කොන්දේ හෝ සන්ධියක ඇතිවන අපහසුතාවක් නිසා මේ සියල්ල තනිවම කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකියි.

එදා දවසේ අපි ආදරය කරන දේවල්වලින් ඈත්වීමට පවා සිදුවිය හැකියි.

සංචාරයට, ඇවිදීමට සහ ජීවිතය විඳීමට ආදරය කරන කෙනෙකුට, දිනක වේදනාවක් නිසා දිගු ගමනක් වෙනුවට රෝද පුටුවක සිටීමට සිදුවේ නම්?

දවස පුරා ක්රියාශීලීව සිටින කෙනෙකුට, සාමාන්ය දෛනික කටයුත්තක් සඳහා පවා නැගිටීමට අපහසු වේ නම්?

ජීවිතයේ මෙවැනි වෙනස්කම් ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකියි.

ඒ නිසා අනාගතය ගැන බියෙන් සිටිනවාට වඩා, අද සිටම අපගේ ශරීරය පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් වැදගත්ය.

ආයුර්වේද සත්කාරයක් ලෙස “අස්ථිජීව”

ශරීරයේ මාංශ පේශී, සන්ධි සහ අස්ථි ආශ්රිත සෞඛ්යය රැකගැනීම සඳහා ආයුර්වේදයේ පාරම්පරිකව භාවිත වන සම්බාහන සහ තෙල් සත්කාරවලට විශේෂ ස්ථානයක් හිමිවේ.

“අස්ථිජීව” යනු එවැනි ආයුර්වේද සත්කාරයක් ලෙස භාවිත කිරීමට සකස් කළ නිෂ්පාදනයකි.

ආයුර්වේද සම්ප්රදායට අනුව තෝරාගත් වියළි සහ අමු ඖෂධීය ද්රව්ය රැසක් භාවිත කරමින්, උසස් ප්රමිතියක් යටතේ සකස් කර ඇති අස්ථිජීව, සන්ධි සහ මාංශ පේශී ආශ්රිත අපහසුතාවලදී සම්බාහන සත්කාරයක් ලෙස භාවිත කළ හැකියි.

වයස වැඩිවීමත් සමඟ ඇතිවන සන්ධි අපහසුතා සඳහා පමණක් නොව, දෛනික ජීවිතයේදී ශරීරයට ලැබෙන පීඩනයෙන් පසු සම්බාහන සත්කාරයක් ලෙසද මෙය භාවිත කළ හැකියි.

සෞඛ්යය වෙනුවෙන් අදම පියවරක් තබමු

වයසට යාම අපට නවත්වන්න බැහැ.

ජීවිතයේ සියලුම රෝග වළක්වාගැනීමටත් අපට හැකියාවක් නැහැ.

නමුත් අපට කළ හැකි දෙයක් තිබෙනවා.

අපගේ ශරීරය හැකිතාක් හොඳින් රැකගැනීම.

  • නිවැරදි ඉරියව් පවත්වාගන්න.

  • පෝෂ්යදායී ආහාර ගන්න.

  • හැකිතාක් ක්රියාශීලීව සිටින්න.

  • ඔබේ ශරීරයට අවශ්ය විවේකය ලබාදෙන්න.

  • ආයුර්වේදයේ සුදුසු සම්බාහන සත්කාර ඔබේ ස්වයං රැකවරණයට එක්කරගන්න.

දිනෙන් දින අපි වයසට ගියත්, අපගේ සන්ධි, මාංශ පේශී සහ ශරීර සෞඛ්යය වෙනුවෙන් අද සිටම සැලකිලිමත් විය හැකියි.

ජීවිතයේ උතුම්ම ලාභය වන නිරෝගීකම හැකිතාක් කාලයක් රැකගැනීමට, ඔබේ දෛනික සෞඛ්ය සත්කාරයේ කොටසක් ලෙස අස්ථිජීව තෝරාගන්න.

අස්ථිජීව – ඔබේ සන්ධි හා ශරීරය වෙනුවෙන් ආදරණීය ආයුර්වේද සත්කාරයක්.

“Health Is the Greatest Wealth” – Good Health Is the Greatest Blessing

Year by year, month by month, day by day, hour by hour, and minute by minute, we continue to grow older.

The physical and emotional changes that come with ageing are a natural part of life. Yet, whether we are young or middle-aged, one of the greatest challenges we may face at any stage of life is falling ill.

What if we become sick?

Who will take care of us?

Will our loved ones have to suffer or face difficulties because of us?

Thoughts like these can create fear and uncertainty in our minds.

No matter how carefully we take care of ourselves, it is not possible to completely prevent every illness in life. From the day we are born until the end of our lives, we continue to age, experience physical changes, and face different challenges.

But instead of worrying about what may happen tomorrow, one of the best things we can do today is to take good care of our health and body as much as possible.

A Few Healthy Habits We Can Start Today

Maintaining correct posture, following a nutritious and balanced diet, and staying physically active are some of the good habits we can include in our daily lives.

Even when regular exercise is difficult, simple activities such as walking can help us stay active.

Along with these healthy habits, a suitable Ayurvedic massage and wellness treatment can also become a part of your personal self-care routine.

When Your Hands, Legs, Back or Joints Begin to Hurt…

Among the physical difficulties we often worry about are discomfort and pain affecting the hands, legs, back, muscles and joints.

We may wake up active and ready to take on the day, but there can come a day when even a small amount of discomfort makes our usual activities difficult.

For someone who takes care of the household, cleans the garden, washes clothes and prepares meals for the family, imagine a day when back or joint discomfort makes it difficult to do these everyday tasks independently.

It may even mean having to step away from the things we love doing.

For someone who loves travelling, walking and enjoying life, what if one day physical discomfort makes a long journey difficult?

For someone who is active throughout the day, what if even getting up to carry out a simple daily task becomes difficult?

These are challenges that can happen to anyone.

That is why, rather than being afraid of the future, it is important to start paying attention to our body and wellbeing today.

“Asthijeewa” – Ayurvedic Care for Your Body

Ayurvedic massage and oil-based treatments have traditionally held an important place in supporting the wellbeing of the muscles, joints and body.

Asthijeewa is an Ayurvedic product formulated to be used as part of such a traditional wellness and massage routine.

Prepared using a range of selected dry and fresh herbal ingredients according to Ayurvedic traditions, Asthijeewa can be used as a massage treatment for areas experiencing joint, muscle and body discomfort.

It can be incorporated into your self-care routine not only when experiencing age-related joint discomfort, but also as a soothing massage treatment after the physical demands of everyday life.

Take a Step Towards Better Self-Care Today

We cannot stop the ageing process.

Nor can we completely prevent every illness that may come our way in life.

But there is something we can do.

We can take better care of our bodies.

  • Maintain good posture.

  • Choose nutritious foods.

  • Stay physically active whenever possible.

  • Give your body the rest it needs.

  • And include suitable Ayurvedic massage and wellness practices in your self-care routine.

Although we grow older day by day, we can still take steps today to care for our joints, muscles and overall physical wellbeing.

Because good health is one of life's greatest blessings, make Asthijeewa a part of your daily wellness and self-care routine.

Asthijeewa – A caring Ayurvedic wellness treatment for your joints and body.

100% Natural Products

Proven Ayurvedic products with zero side-effects

Easy Payment Methods

Pay Through Net-Banking, Cards, UPI or COD

Secure Website

SLL Secured Website, Order With Confidence

24/7 Customer Support

Got Questions? Just Email, WhastApp or Call Us